බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න
April 12, 2026 04:24 pm
නියමිත ගමන් ගාස්තුව අබිබවා, ගාස්තු අයකරන බස්රථ වෙතොත් '1955' අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය මේ බව පැවසීය.
උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කරන බස්රථ තිබිය හැකි බවත්, එම බස් මගීන්ව සූරාකෑමකට ලක්කරන බවත් ඇය මෙහිදී සඳහන් කළේය.
එලෙස බලපත්‍ර නොමැතිව කොළඹින් ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ බස්රථ 7ක් ඊයේ (11) නීතියේ රැහැන හසුකර ගැනීමට හැකිවූද ඇය පැවසීය.
එම බස්රථ එම අවස්ථාවේදීම අධිකරණයට යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවද ඇය මෙහිදී සඳහන් කළේය.
